නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබෙනවා.
නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතයි..
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වීමෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්