මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් පාසල් ළමුන් කිහිපදෙනෙක් ආසාත්මිකතාවය ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා.
අප වාර්තාකරු පවසන්නේ සෙම්ප්‍රතික්ශාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් ළමුන් පිරිසකට එසේ ආසාත්මිකතාවය ඇති වී ඇති බවයි.
මිහින්තලේ රෝහලින් අවශ්‍ය බෙහෙත් ලබාගෙන එම ඖෂධ දරුවන්ට දුන් පසු එම දරුවන්ගේ කටවල් ඇදවී, දිව එළියට ඇවිත් බෙල්ල කඩා වැටී තිබූ බව සඳහන් වෙනවා.
එලෙස රෝගීවූ දරුවන් 9 දෙනෙක් මිහින්තලේ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා තිබෙනවා.
වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට මෙම ආසාත්මික තත්ත්වය ඇතිවී තිබෙනවා.