Fri. Jun 27th, 2025

ජනාධිපතිවරණයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

Jul15,2024

ජනාධිපතිවරණයට අදාලව නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බැලීම අද (15) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත්ව සම්මත වී නොමැති බැවින් එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ලබාගන්නා තෙක් ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට දිනයේ දී කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇති බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *