අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ පෙන්සිල්වේනියා ප්රාන්තයේදීයි.
එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.
වෙඩික්කරු ආසන්න ගොඩනැගිල්ලක වහලයේ සිට මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
ආරක්ෂා අංශ විසින් සිදු කරන ලද පෙරළා වැඩි තැබීමෙන් තුවක්කුකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්රියාත්මක වෙයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ගෙන් නොසැලකිල්ල නිසා බවටද චෝදනා එල්ල වෙයි.
වෙඩි ප්රහාර එල්ල වනවාත් සමගම ට්රම්ප් බිම දිගාවී ඇති අතර ඔහුගේ කනක් අසල ලේ තිබෙන අයුරු දක්නට ලැබුණි.
ට්රම්ප් පවසා ඇත්තේ වෙඩි උණ්ඩයක් දකුණු කනේ වැදුණු බව තමාට දැනුණු බවයි.