Sat. Jun 28th, 2025

ෆොන්සේකා සජබයෙන් දොට්ට දමා අලුතින් එන අය මෙන්න

Jul14,2024 #breaking news #fonseka #sjb

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ස.ජ.බ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කෙරෙනු ඇතැයි බවයි ජාතික පුවත්පතක් වාර්තාකර සිටින්නේ.

ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත් කිරීමට නියමිතයි.

කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතකදී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කෙරෙනු ඇතැයි සජබයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *