වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් කල්බ් වසන්ත ඝාතනය කිරීමට හේතුව මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ඔත්තු දීම බව එම ඝාතනය මෙහෙයවූ මහ මොලකරු යයි කියන කන්ජිපානි ඉම්රාන් පවසා ඇති බව වාර්තාවනවා.
මාකදුරේ මදුෂ් අත් අඩංගුවට ගැනීමට ප්‍රබලතම ඔත්තුව ලබා දුන් පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් විමර්ශන කළ කොළඹ අපරාධ කොට්ඨාසය හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කජ්ජිපානි ඉම්රාන් පවසා ඇතැයි ද සඳහන් වෙයි.
එ් අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කන්ජිපානි ඉම්රාන් හා මාකදුරේ මදුෂ් ඉතා සමීප මිතුරන් බවයි පැවසෙන්නේ.