වසර 175 කට පමණ පෙර සිට පැවත එන සම්ප්රදායක් පවත්වා ගනිමින් චාල්ස් රජුගේ ලාංඡනය දරන පළමු රතු තැපැල් කුළුණු පෙට්ටිය විවෘත කර තිබෙනවා.
නව තැපැල් පෙට්ටිය මධ්‍යම එංගලන්තයේ ග්‍රේට් කැම්බූර්න් හි මහා වීදියේ ස්ථාපනය කර ඇති අතර, ප්‍රාදේශීය පාසල් සිසුන්ට පරිසරය කෙරෙහි ඇති උනන්දුව පිළිබඳ සඳහන් කරමින් රජුට ලිපි පළ කිරීමට අවස්ථාව ලැබෙන බව සඳහන්.
තැපැල් පෙට්ටියේ රජුගේ ලාංඡනය, නම සහ “රෙක්ස්” යන නම නියෝජනය කරන මුල් අකුරු වලින් සමන්විතවන අතර ඔටුන්නද නිරූපණයක් මගින් පෙන්නුම් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ වඩාත්ම හඳුනාගත හැකි සංකේතවලින් එකක්වන මෙම රතු තැපැල් පෙට්ටි ගණන් කළ නොහැකි තැපැල්පත් සහ සිහිවටන භාණ්ඩ මත දිස්වන අතර රට පුරා 115,000 ක් පමණ ක්‍රියාත්මක වනවා.
පළමු තැපැල් පෙට්ටිය 1850 ගණන්වල හඳුන්වා දෙන ලද අතර, පැරණිතම තැපැල් පෙට්ටිය චාල්ස්ගේ මිත්තණිය වූ වික්ටෝරියා රැජිනගේ පාලන සමය දක්වා දිව යනවා.