Sat. Jun 28th, 2025

සියදිවි නසා ගැනීම් අතින් ශ්‍රී ලංකාව කප් එක ගහයි

Jul12,2024

ශ්‍රී ලංකාව තවමත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

කොළඹ හෝටලයක පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස අනෙකුත් අංශ සමඟ සහයෝගීතාවයෙන් මෙම තත්ත්වය යහපත් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ.

1996 – 1997 වර්ෂවලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නා.

වර්තමානය වන විට එම තත්වය යහපත් වූවද තවමත් රට සතුටුදායක මට්ටමක නොමැති බවයි ඔහු කියා සිටියේ.

සියදිවි නසා ගැනීම සදහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එම තත්ත්වයන් හඳුනා ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *