Sat. Jun 28th, 2025

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Jul12,2024

එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වනු ඇති

ඇය, ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වන අතර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමටද නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *