Sat. Jun 28th, 2025

ටැටූ කොල්ලාගේ හෙළිදරව්ව මාධ්‍යට දුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

Jul12,2024 #club wasantha #murder

අපරාධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි පළවීම සම්බන්ධ‍යෙන් පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු ව ඇති බව වාර්තාවනවා.

ඒ අනුව, අදාළ සැකකරුවාගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගය වලට පටහැනිව මාධ්‍යට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම සිදුවීමට අදාළව සති දෙකක් ඇතුළත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් සිදුකර එය පොලිස් කොමිෂන් සභාව වෙත දැන්වීමට පොලිස්පතිවරයා ට නියෝග කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස් වූ අවස්ථාවේ එම තීරණ ගෙන අදාළ නියෝග නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *