මින් පෙර නොවූ විරූ ආකාරයේ නිවාස නොමැති වූවන්ගේ අර්බුදයකට චිලී රාජ්‍යය මුහුණ පා සිටිනවා.
කොරෝනා වසංගතයෙන් පසුව ඇති වූ ආර්ථික අර්බුධය හා අනවසර සංක්‍රමණිකයන් පැමිණීමත් සමඟ චිලී රාජ්‍යයේ නිවාස නොමැති ජනගහනය වෙන කවරදාටත් වඩා වැඩි කර තිබෙනවා.
දකුණු ඇමරිකාවේ ධනවත්ම ආර්ථිකයකට චිලී රාජ්‍යය හිමිකම් කිව්වා.
එහෙත් පසුගිය වසර 4 තුළ එරට නිවාස නොමැති අයගේ අනුපාතය 30%කට වඩා වැඩි අගයක් ගෙන තිබෙනවා.
2020 දී නිවාස නොමැති අයගේ සංඛ්‍යාව 15,435 ක් වූ අතර එය මෙම වසරේ 21,126 ක් ලෙස සටහන් වනවා.
කෙසේ වෙතත් එය ලියාපදිංචි සංඛ්‍යාව වන අතර සැබෑ සංඛ්‍යාව 40,000 ක් පමණ වන බවයි වාර්තා වන්නේ