Mon. Jun 30th, 2025

යුක්‍රේනයට අඛණ්ඩව සහාය ලබාදීමට නේටෝ සාමාජික රටවල් සහතික වෙයි

Jul11,2024

යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් විවර කිරීමට එහි සාමාජික රටවල් ප්‍රතිඥා දුන්නා.

ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී හි පැවති සමුලුවකදී මෙම එකඟතාවට එළැඹුණා.

එහෙත් ඒ පිළිබඳ විධිමත් කාලසටහනකට එකඟ නොවූ අතර යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ග වලට අඛණ්ඩ සහාය ලබා දෙන බව නේටෝ සාමාජික රටවල් 32 සහතික වී තිබෙනවා.

නේටෝ සංවිධානය යුක්‍රේනන හමුදාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන අතර F-16 ප්‍රහාරක ජෙට් යානා හා ගුවන් ආරක්ෂක සහාය ඇතුළුව ලබන වසරේ ආධාර වශයෙන් යූරෝ බිලියන 40ක් ලබා දෙන බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවැසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *