අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් සිය ගිණි අවියෙන් වෙඩි තබා ගෙන මිය ගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක (55) නැමති සැරයන්වරයෙක් බවයි සඳහන් වන්නේ.
මෙම සැරයන්වරයා මෙදින රුවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය පවසනවා.