ජාතික ජන බලවේගය විසින් පැය විසි හතර පුරා සජීව විකාශයක් අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කර තිබෙනවා.
AKD LIVE 24 ලෙස නම් කරමින් මෙය අද (10) සිට “Anura Kumara Dissanayake” නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකි බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතාගේ සමාජ ජාල ගිණුම ඔස්සේ නිවේදනය කර සිටිනවා.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම සජීව විකාශය ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
වැදගත් මැතිවරණයකදී මාධ්‍ය බලය ඉතා වැදගත් සාධකයක් බව බොහෝ දෙනාගේ මතය වී ඇති බවත්, එවැනි පෞද්ගලික නාලිකාවක් ජාතික ජන බලවේගය හට නොමැති වීම හේතුවෙන් පැය 24 පුරා දිවෙන සජීවී විකාශයක් ආරම්භ කිරීම වඩා සුදුසු බවට යෝජනා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එම සජීවී විකාශය පහතින්,