වාහන ආනයන තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය 2024 අගෝස්තු දෙවන සතියේදී ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (10) පැවැති පාර්ලෙමේන්තු සැසිවාරය අතරතුරදීයි.
රටට ගැටලුවක් ඇති නොවන ආකාරයට සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර සිටියේ.