මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් සොයාගෙන තිබුණා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් එම වැටලීම ඊයේ (09) සිදුකර තිබුණා..
43 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් අටක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගන්නා ලද සැකකරුගේ හා නඩු භාණ්ඩ වල විස්තර පහත පරිදි ඉදිරිපත් කරමි.
සැකකරුගේ විස්තර :-
නම:- ගල්කැටි දේවගේ සමීර සදුන් රණවක
වයස :- අවු 43
ලිපිනය:-නො 9/01 ,වැල්හේන මිනුවන්ගොඩ
ජා.හැ අංක :-810963131 v
රැකියාව :-ව්‍යාපාරික
අත් අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩ:-
ඇති T56 ගිනි අවි වලට යොදන පතරොම් ගැබ් 02
පිස්තෝල අවි වලට යොදන පතරොම් ගැබ් 02
T56 අවියට යොදන 7.62 වර්ගයේ ජීව උණ්ඩ 144
පිස්තෝල අවියට යොදන 9mm වර්ගයේ ජීව උණ්ඩ 02
හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8000
අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2024.07.10 වන දින මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.