Sat. Jun 28th, 2025

දුම්රිය දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසාන නිවේදනය නිකුත්කරයි

Jul10,2024

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසනවා

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *