ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සම්බන්ධනේ වෙඩි තැබීම සිදුකළ ටැටූ මැදිරියේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් අවුරුදු 24, 27, 28, 31 සහ 37 යන වයස්වල පසුවන අහුන්ගල්ල, බලපිටිය, ගණේමුල්ල, අම්බලන්ගොඩ සහ බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.
වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය අම්බලන්ගොඩ සිට අතුරුගිරියට රැගෙන ආ දෙදෙනෙකු, වෙඩි තැබීමට පෙර මෝටර් රථය නිවස ආසන්න ප්‍රදේශයක තබාගත් එක් සැකකරුවෙකු සහ වෙඩි තැබීමට යොදාගත් වෑන් රථයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
වෙඩි තැබීම සඳහා ව්‍යාජ අංක තහඩු යොදා ගත් මෝටර් රථය සහ වෑන් රථය සහ ටැටූ මැදිරිය හිමිකරුගේ ජංගම දුරකථනය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
