මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කිලෝග්‍රෑම් 7,672.35 ක පමණ ප්‍රමාණයක නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් වැටලීමෙන් මෙම නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගය සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
වැටලීමෙන් සොයාගත් පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 7,672.35 ක ප්‍රමාණය තුළ කිලෝග්‍රෑම් 2,505ක ප්‍රමාණයක් ලන්ච්ෂීට් පැකට් ලෙස තිබුණු අතර කිලෝග්රෑම් 5,167.35ක ප්‍රමාණයක් නොකැපූ ලන්ච්ෂීට් රෝල් ලෙස තිබුණා.
පාරිභෝගික සේවා අධිකාරිය කිලෝග්‍රෑම් 2,505ක ප්‍රමාණයක් වූ ලන්ච්ෂීට් පැකට් තොගය අත්අඩංගුවට ගත් අතර අනෙක් ලන්ච් ෂීට් තොගය කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මුද්‍රාතබා අදාළ ඉදිරි කටයුතු සඳහා සුරක්ෂිතව තැබීමට කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරයි.