Sun. Jun 29th, 2025

බෙරිල් නිසා මිලියන ගණනකට විදුලිය අහිමි වෙයි

Jul9,2024

බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ටෙක්සාස් හි මිලියන ගණනකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

බෙරිල් සුළි කුණාටුව ගිනිකොනදිග ටෙක්සාස් වෙත ඇතුලු වීමත් සමග එහි බලපෑමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මිලියන 2.6 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ උදෑසන බෙරිල් සුළි කුණාටුව ප්‍රථම වරට ටෙක්සාස් වෙත බලපෑම් එල්ල කළා.

මේ වන විට එය පළමු කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා ප්‍රබලත්වය අඩු වී ඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් හූස්ටන්හි ප්‍රධාන ගුවන් තොටුපළේ ගුවන් ගමන් 1,100 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *