ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු ප්‍රදේශයට පක්ෂි සහ උරග කිහිපයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි අංශ විසින් දීර්ඝ කාලයක් පුරා සිදු කරන ලද පුළුල් තොරතුරු විශ්ලේෂණයක් මත සිදු කළ විශේෂ මෙහෙයුමකදී දකුණු මුහුදු තීරයේ සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී පිඹුරන් 13 ක්, මොනිටර් කටුස්සා 01 ක්, ඉබ්බන් 01 ක් සහ ගිරවුන් 03 ක් ඇති දැඩි කරමින් සිටින බව නිලධාරීන් විසින් සොයාගෙන ඇත. වනජීවී ජාවාරමක් පිළිබඳ කනස්සල්ල.
බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන ගොස් ඇති අතර එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සතුන් පරීක්ෂා කර ශ්‍රී ලංකාවට ආවේණික නොවන විශේෂයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
වනජීවී ජාවාරම් කිරීමේ චෝදනාව මත රඳවාගෙන සිටි බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා මීගමුවෙන් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 34 සිට 67 දක්වා වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ට්‍රෝලර් යාත්‍රාව සහ සතුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
මෙම සතුන් විදේශයක සිට මෙරටට ගෙන ඒම සඳහා හෝ වෙනත් ගමනාන්තයකට යැවීම සඳහා මෙම සතුන් ජාවාරම් කර ඇති බවට විශ්වාස කෙරෙන බව නාවික හමුදාව පවසයි.