දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
අද (09) පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක් කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි වර්තාවන්නේ.
දුම්රිය මැදිරි දෙකක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ හේතුවෙන් ගාල්ල දෙස සිට ධාවනය වන දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කෙරේ.
කෙසේවෙතත් මේ දක්වාත් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර නොමැති අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති බව වාර්තා වර්තාවන්නේය.