එක්සත් රාජධානියේ තිබෙන මෙරටට අයිති පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ජාතික පුරාවිද්‍යා දිනය නිමිති කර ගනිමින් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එසේම මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවත් එම තොගයේ දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.