නාඳුනන කාන්තා මළ සිරුරක් කලවංචිකුඩි, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
ඊයේ (08) උදෑසන කලවංචිකුඩි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන ඇති බවයි වාර්තාවන්නෙ
මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය පවසනවා.
මළ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කලවංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.