Sat. Jun 28th, 2025

අමෙරිකාවේ රැකියා පෙන්වා මුදල් ගැරෑ කතක් අත්අඩංගුවට

Jul9,2024

අමෙරිකා එක්සත් ජනපදයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් තම නැගණිය මාර්ගයෙන් අමෙරිකාවේ රැකියා ලබා දෙන බව පවසා
රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින්
පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

සැකකාරියට එරෙහිව පැමිණිලි 5ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින්
මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පැමිණිලිවලට අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්
අදාළ කාන්තාවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණයට කරුණු වාර්තාකර නඩු පවරා තිබේ.

කාර්යාංශ නිලධාරීන් පැවසූයේ, ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය දිවයිනේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක කළමනාකාරිනිය ලෙස සේවය කරන බවය.

අත්අඩංගුවට ගත් සැකකාරිය මෙම මස 07 වන දින වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 12 වන දින දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සැකකාරිය බන්ධනාගාරය මඟින් ජූලි මස 12 වන දින
අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *