ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිවරයා අද (9)
මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ජනාධිපතිවරණයට
අදාළ මූලික ගැටලු විසඳීම සඳහා අදාළ පාර්ශව කැඳවා ඇති බවයි.
ඒ අනුව රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සහ තැපැල්පතිවරයා අද (9) මැතිවරණ කොමිසම වෙත පැමිණීමට නියමිත අතර, පොලිස්පතිවරයා ඉදිරි දිනවලදී පැමිණීමට නියමිතයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජුලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත.
රත්නායක සඳහන් කළේ මෙම රැස්වීම්වලදී ජනාධිපතිවරණය පැවැත්වීමේ මූලික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම පනත මඟින් එක් එක් අපේක්ෂකයාට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සීමා කෙරේ.
මීට අමතරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප මුදල් ද ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.