Sun. Jun 29th, 2025

සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකුට අවවාද

Jul8,2024

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද කර මුදා හැරුණා.

උසස්පෙළ විභාග අයදුම්පත ලබා ගැනීමට නුවරඑළිය නගරයේ පිහිටි සිය පාසලට ගිය අවස්ථාවේ කොණ්ඩය වැවී ඇති බව පවසමින් විදුහල්පතිවරයා සිසුවාට පහරදුන් බවයි පැමිණිල්ලේ සදහන් වන්නේ.

විදුහල්පතිවරයාගෙන් බේරීමට සිසුවා අත එසවූ අවස්ථාවේ තවත් ගුරුවරුන් 5 දෙනෙකු ඔහුට පහරදී ඇති බවට දෙමාපියන් නුවරඑළිය පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද කර මුදා හැරුණා.

ඒ සිසුවාට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 12ක් මතයි. නඩුව ලබන 26 වනදා යළි කැදවීමට ද නියෝග කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *