Sat. Jun 28th, 2025

ශ්‍රී ලාංකේය නාමය ලොවට ගෙන ගිය කායවර්ධන ශූරිය කටුනායකට

Jul8,2024

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2023 ඔලිම්පියා ඇමේචර් ( Olimpia Amateur ) ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට වයස අවුරුදු 35 බිකිනි අංශයෙන් තරග වැදී එහි තුන් වන ස්ථානයත් , එහි ලෝක ශූරතා තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති බෙන් වීඩර් නැචුරල්ස් ( Ben Weider Naturals ) තරගාවලියේ දී දෙවන ස්ථානයත් දිනා ගත් දිල්රුක්ෂි ආරච්චිගේ ක්‍රීඩිකාව අද 08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ඔලිම්පියා ඇමේචර් කායවර්ධන තරගාවලිය ලෝකයේ රටවල් 70 ක ක්‍රීඩිකාවන් 380 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී.නුවර පවත්වා තිබුණා.

එසේම තහනම් උත්තේජක භාවිතයෙන් තොරව පවත්වන ලෝක ශූරතා බෙන් වීඩර් නැචුරල්ස් තරගාවලිය ලෝකයේ රටවල් 110 ක ක්‍රීඩිකාවන් 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔලැන්ඩෝ නුවර පවත්වා තිබුණා.

ලෝකයේ ඉහළම ශ්‍රේණි ගත කිරීම් අනුව ඔලිම්පියා ඇමේචර් කායවර්ධන ශූරතා තරගාවලිය ලෝකයේ අංක එකට පත් වී තිබෙන අතර , මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන එකම ක්‍රීඩිකාව වන්නේ ද දිල්රුක්ෂි ආරච්චිගේ මහත්මිය පමණක් වීම විශේෂත්වයක්.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන 07/08 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය සමග ඇයගේ දස හැවිරිදි පුතා ද පැමිණ සිටි අතර , ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බේස්බෝල් ශූරතාවය දිනා සිටින ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයෙකි .

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා දිල්රුක්ෂි ආරච්චිගේ සොහොයුරු සොහොයුරියන් , මෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *