Sat. Jun 28th, 2025

නැන්දම්මා ඝාතනය කර තම බාලවයස්කාර දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Jul8,2024

වයෝවෘද්ධ නැන්දනිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තම බාලවයස්කාර දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලීසියට පැය දෙක හමාරක උපක්‍රමශීලී මෙහෙයුමක් ක්‍රියාවට නැංවීමට සිදු වුණා.

ගම්පොල උලපනේ වත්ත පදිංචි 78 හැවිරිදි පස්දරු මවක මෙසේ සිය ලේලිය අතින් ඝාතනයට ලක්වී තිබෙනවා.

නැන්දනියට අයත් නිවසෙහි පදිංචිව සිටි 32 හැවිරිදි මෙම ලේලිය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර තිබුණේ සැමියා යාපනය ප්‍රදේශයේ රැකියාව සදහා ගොස් සිටියදීයී.

ඝාතනය සිදු කළ කාන්තාව තම 7 හැවිරිදි හා සිව් හැවිරිදි දියණියන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන දොර ජනෙල් වසා දමා කිසිවෙකුටත් නිවසට ඇතුළු නොවන ලෙස තර්ජනය කරමින් සිටි බවයි පොලීසිය පවසන්නේ.

කිසිවෙකු පැමිණයහොත් දරු දෙදෙනා කපා කොටා ඝාතනය කරන බවට ඇය තර්ජනයකොට තිබුනා.

ඇත්ගාල පොලීසියේ නිලධාරීන් පැය දෙකහමාරක පමණ කාලයක් විවිධ උත්සාහන් ගෙන සැකකාර කාන්තාව මෙල්ල කර දරු දෙදෙනා බේරාගෙන ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඝාතනයට ලක් වූ නැන්දනියට දරු ලෙස වධහිංසා පමුණවා ඇයගේ කෙස් වැටි ද කපා දමා කුරිරු ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණ පැවැත්වුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *