ග්‍රාම නිලධාරීන් සහ මිනින්දෝරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (8) සහ හෙට (9) ‘ලෙඩ නිවාඩු’ ලබා ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වෘත්තීය සමිති එකමුතුව පවසයි.
අද (8) ආරම්භ වන වැඩවර්ජනයට තැපැල් සේවකයින්,මිනින්දෝරුවරුන්,කෘෂිකර්ම නියාමකවරුන්,ග්‍රාම නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතයි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.
එම් විජේරත්න සඳහන් කළේ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති විරෝධතාවයේ නිරත වන බවයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ තැපැල් සේවකයින් සිය වර්ජනය ආරම්භ කළේ පස්වරු 4 ට බවයි.
මෙම ක්‍රියාවට සහය පළ කරමින් ඊයේ (07)
ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අද සේවයට වාර්තා කළද හෙට (9) දින අසනීප නිවාඩු ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.
මේ අතර සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍රයට අදාළ වැඩවර්ජනයට සහය නොදැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගමය තීරණය කර තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය මධ්‍යස්ථානවල කටයුතු කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩව සිදු කර ඇත.
කෙසේ වෙතත් අද දිනයේ වෘත්තීය සමිති නියෝජිතයින් විසින් සැලසුම් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මහජන සේවාවන් අඩාල වීමේ අවදානමක් මතුව තිබෙනවා.