බලංගොඩ, මුගුනමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට අතවර කර ගෙල සිර කර ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට 17 හැවිරිදි සිසුවකු පෙරේදා (06) අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය පවසනවා.
තනිවම ජීවත් වූ මෙම වයෝවෘද්ධ කාන්තාව පසුගිය 27 වැනිදා බලංගොඩ නගරය ආසන්නයේ පිහිටි දොරවෙල ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ ඝාතනයට ලක්ව තිබූ අතර පසුව පොලිසියට ලද තොරතුරකට අනුව ඔයේ පාවෙමින් තිබූ ඇයගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පසුව සිදු කරන ලද විමර්ශනවලට අනුව එම ප්‍රදේශයේම පදිංචි සිසුවකු පෙරේදා උදේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර සිසුවා පෙරේදා පස්වරුවේ බලංගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. එම්. චන්ද්‍රසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද (08දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
සැකකාර සිසුවා අද ඩී. එන්. ඒ. පරීක්ෂණයකට ලක්කිරීමට නියමිත බව පොලිසිය පවසයි.