Sun. Jun 29th, 2025

මහවත්තට ඇප

Jul5,2024

සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කියා සිටියේ රජයේ නිලධාරීන්ට අසත්‍ය කරුණු එල්ල කරමින් චෝදනා නොකරන ලෙස තරයේ අවවාද කළ බවයි

රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කෙරුණා.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා එම නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *