ගිරිඋල්ල ලබ්බල දී නිධන් හෑරූ භික්ෂු ප්‍රතිරූපයෙන් සිටි පුද්ගලයෙකු ඇතුලු 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරය ගතකරන ලෙස කුලියාපිටිය මහේශ්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (04) නියම කර තිබෙනවා.
ගිරිඋල්ල, ලබ්බල ප්‍රදේශයේ යාතුකර්ම කරමින් නිධන් හාරන බවට ගිරිඋල්ල පොලිස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා
එහිදී අදාළ භික්ෂුව පිරිත් කියමින් සිටි බවත් සෙසු පිරිස කලුගල් කැඩීමේ උපකරණ ආදිය භාවිත කරමින් කලුගල කඩමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ