අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ලබන 15 වනදායි.
එහෙත් ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමේ අරමුණෙන් හැකි සෑම දිස්ත්‍රික්කයකම එම කටයුතු ඉක්මනින් ආරම්භ කරන බව ද ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.
මේ අතර දෙවන අදියර සදහා අස්වැසුම අයදුම්පත් යොමුකිරීමට ඉදිරි සතිය තුළ ද අවස්ථාව හිමිවනවා. දෙවන අදියර සදහා අයදුම්පත් හාරලක්ෂ හැත්තෑපන්දහසක් ලැබී තිබෙනවා.
ඉන් 25000ක් අඩුපාඩු සහිතව අයදුම්පත් පුරවා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ලක්ෂ 24ක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම රජයේ අරමුණයි. ඒ සදහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති අතර සුදුසුම අය වෙත ප්‍රතිලාභ ලාදීමට සෑම පියවරක්ම ගන්නා බව ද ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කළා.