Sat. Jun 28th, 2025

ලෙඩ වෙන්න ගිය රේගුව සුවවෙයි

Jul4,2024

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රේගු නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

බලධාරීන් නිසි විසදුම් ලබා නොදුන් බව පවසමින් ඊට විරෝධය පළ කරමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කළා.

අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමටත් රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.

අවස්ථා කිහිපයක දී සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කලත් විසදුමක් ලැබුණේ නැති බව පවසමින් පසුගිය දින දෙක තුළ ද රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටියා. කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවීමටයි රේගු නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම ආරම්භ කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.

දැනට ප්‍රමාද වී ඇති රාජකාරී සති අන්තයට පෙර අවසාන කිරීමට සියලු දෙනා සහතික වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *