Sat. Jun 28th, 2025

“රීඩ් මාවතේ සියවස් සැමරුම” ජනපතිට පිළිගන්වයි

Jul3,2024

“රීඩ් මාවතේ සියවස් සැමරුම” කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව (The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue) පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

සඟරාවේ කර්තෘ චතිල් එස්. ධර්මවර්ධන සිසුවා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු අතර විදුහල්පති තිලක් වත්තුහේවා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එල්.ඩබ්.කේ. සිල්වා, සහකාර විදුහල්පති එම්.ඒ.එම්.රියාස්, රාජකීය විද්‍යාලයීය සංගමයේ ලේකම් අරුණ සමරජීව, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඩබ්.වී.එන්.බී.වේරගොඩ, ප්‍රධාන ශිෂ්‍ය නායක ඩබ්.ඒ.එස්.එස්.වනසිංහ ඇතුඵ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා

කොළඹ රාජකීය විද්‍යාලය රීඩ් මාවතේ ස්ථාපිත කර ගත වු වසර සියයක කාල පරිච්ඡේදය තුළ පාසලේ ඉතිහාසය, කලාව, සංස්කෘතිය සහ විශිෂ්ටත්වය මෙන්ම විද්‍යාලයේ ආරම්භය, විකාශය සහ සම්ප්‍රදායන් පිළිබඳව මෙම සඟරාවෙහි කරුණු ඇතුළත් කර තිබෙන අතර එදා මෙදා තුර කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහි වූ දේශපාලන නායකයන්, විද්වතුන් ඇතුළු විශිෂ්ටයන් පිළිබඳව ද තොරතුරු අන්තර්ගතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *