Sun. Jun 29th, 2025

ඇමරිකාව වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බවට චීනයෙන් චෝදනාවක්

Jul3,2024

ඇමරිකාව ත්‍රස්තවාදය මර්දනය කරන බව පවසමින් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය චෝදනා කරනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවා.

චීන මාධ්‍ය සමූහයට අයත් CCTV නාලිකාව පසුගිය දා සමීක්ෂණයක් පැවැත් වූ අතර එහිදී අනාවරණය වූයේ සිරියාවේ රැඳීසිටින ඇමරිකානු හමුදාව දෛනිකව ධාන්‍ය ලොරි 10 කට අධික සංඛ්‍යාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රටින් පිටතට ප්‍රවාහනය කරන බවයි. එසේම ඔවුන් සිය සොරකම් සැඟවීමට මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනාගේ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කර තිබේ. ඒ, එම ක්‍රියාවන් ඡායාරූපවලට හසු වී ඇතැයි යන සැකය නිසා බවයි චීනය පවසන්නේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ ඇමරිකාව සිරියාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවයි. එසේම, එරට සම්පත් පැහැර ගැනීම වහා නතර කළ යුතු බව ද ඇය අවධාරණය කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *