Sat. Jun 28th, 2025

ව්‍යාජ රන් භාණ්ඩ – ලක්ෂ ගණනකට විදලා

Jul3,2024

ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් 19,670,000ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියෙක්ව මෙම ජාවාරම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පෞද්ගලික මුල්‍ය ආයතනයේ කළමණාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදු කර තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශය මත සිදු කළ විමර්ශනවලදී මෙම වංචාව සඳහා යොදාගත් මාල, මුදු, වළලු, අත්පළදනා සහ පෙන්ඩන්ට්ස් යනාදී ව්‍යාජ ස්වර්ණාභරණ 41ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

විවිධ පුද්ගලයන් මෙම මූල්‍ය ආයතනය වෙත පැමිණ ස්වර්ණාභරණ උකස් කරන විට සැකකරු ඒවා සඳහා ව්‍යාජ කූඨ ලේඛන නිකුත්කර ඇති බවත්, ඉන්පසු එම ස්වර්ණාභරණවලට සමාන (ඉමිටේෂන්) ස්වර්ණාභරණ ඔන්ලයින් ක්‍රමයට ගෙන්වාගෙන ඒවා අදාළ කවරවලට දමා නියම රන් භාණ්ඩ උකස් කර මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

උකස් කළ ස්වර්භාරණවලට අදාළ පොලිය ඒවායේ අයිතිකරුවන් නමින් සැකකරු විසින්ම ගෙවා ඇතිබව ද අනාවරණය වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *