Sat. Jun 28th, 2025

ඉන්දියාවේ තෙරපීමෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළට

Jul3,2024

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 121 දෙනෙකු මියගොස් තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සට්සන්ග් ප්‍රදේශයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ.

මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වනවා.

පටු මාර්ගයක් ඔස්සේ එක්වර විශාල පිරිසක් ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙසේ තෙරපීමක් ඇතිවුණා.

මියගිය පිරිස අතර පෑගීමට ලක්වූ බොහෝ දෙනෙකු ද සිටිනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත්තා.

මීට පෙර 2018 වසරේ දී ඉන්දියාවේ දුසේරා ආගමික උත්සවයක් අතරතුර ද 60 දෙනෙකු මියගියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *