කොළඹ වරාය ද ලබන වසරේ දී හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාදීමට චීන රජය එකඟතාව පළකර තිබෙනවා.
ලොව ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟයි කොළම වරාය ද හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ දී පැවැත්වුණා. චීනයේ ෂැංහයි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වොන්ග් ෂියාඕ ජී මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් ද ඊට එක්වුණා.
නාවික භාණ්ඩ හා බහාලුම් ප්‍රති අපනයනය කිරීම සඳහා කොළඹ වරාය වැඩි වශයෙන් පරිහරණය කිරීමට ද මෙහිදී එකඟතාව පළවී තිබෙනවා