ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ MasoodImad මහතා ඊයේ (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂකඅමාත්යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවුණා.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මාලදිවයින් නියෝජිත පිරිස ජෙනරල් ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මාලදිවයින් නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ජෙනරල් ගුණරත්න ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනැමුවා.
දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බවදඔහු මෙහිදී ප්‍රකාශ කළා.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.