Sat. Jun 28th, 2025

පියාඹන මාලුවෙක් ඇන්න ධීවරයා එතනම මරුට

Jul3,2024 #attack #fish #fisherman

මොරැල්ලා වර්ගයේ මත්ස්‍යයකු ගෙලට ඇනීමෙන් යාපනය ගුරු නගර් ප්‍රදේශයේ ධීවරයකු පසුගිය දිනෙක මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා දිනපතා ධීවර කටයුතුවල යෙදෙන අයෙක් බවයි වාර්තාවන්නේ.

මොහු මෙදින ද සුපුරුදු පරිදි යාපනය පන්නෙයි ප්‍රදේශයේ මුහුදේ බැස සාම්ප්‍රදායික ආකාරයට කරක් ගැසීමෙන් මාළු ඇල්ලීමේ යෙදී තිබෙනවා.

එම අවස්ථාවේ මොරැල්ලා වර්ගයේ මත්සයකු එක්වරම එම ධීවරයාගේ ගෙල ප්‍රදේශයට ඇන ඇති බවයි වාර්තාවන්නේ එසේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් තිබෙනවා.

මෙම මොරැල්ලා වර්ගයේ මත්සයන් දියේ ඉගිලීමට හැකි සත්ත්වයෙකි. එමෙන්ම මෙම මත්සයා පහරදීම ද සිදු කරන බවයි ධීවරයෝ පවසන්නේ.

මොරැල්ලා මත්සයාට දිගු හොටක් ඇති අතර එම හොට ඇනීමෙන් පසු යළි ආපසු ගැනීමට නොහැක්කේ එම හොට දිගට අනෙක් පසට නිර්මාණය වී ඇති කටු හේතුවෙනි. එම කටු ඇනීමෙන් කිසිදු අවස්ථාවක ආපසු ගත නොහැකිය.

මියගිය පුද්ගලයා ගුරු නගර් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *