මීරිගම දංඕවිට පාරේ නිවසක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටියදී ඒ අසල තිබූ පැතිබැම්මක් කඩා වැටීමෙන් යටවූ පුද්ගලයකු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීරිගම පොලීසිය පවසනවා.
ඊයේ (02 ) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අංක 120 තවලම්පිටිය, මීරිගම ලිපිනයේ පදිංචිකරුවකු වූ රත්නායක රාලලාගේ මයිකල් රත්නායක නැමැත්තකුයි
මිය ගිය පුද්ගලයා දංඕවිට පාර , මීරිගම, ලිපිනයේ පිහිටි නිවසක, අලුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී ඉදිකරමින් තිබූ නිවස පිටුපස තිබූ පැතිබැම්ම කඩා වැටීමේ දී ඊට යටවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
පස් කන්ද ඔහුගේ හිසමතට කඩා වැටී යටවී ඇති අතර ප්රදේශවාසීන්ගේ සහය ඇතිව පස් ඉවත් කර යට වූ පුද්ගලයා මීරිගම මුලික රෝහල ට ඇතුළත් කර ඇතත් ඒ වන විට මියගොස් ඇති බවටයි අනාවරණ වුණේ.