Sat. Jun 28th, 2025

මහනුවර අධිකරණයේ බෝම්බ සිද්ධිය – ඇමතුම දුන් දුරකතනයේ හිමිකරු අත්අඩංගුවට

Jul2,2024

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ අදාළ දුරකථනය ඔහු සන්තකයේ නොතිබුණු බවත් එම දුරකථනය ඊයේ (01) දහවල් අස්ථානගත වූ බවත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද අදාළ පණිවුඩය හේතුවෙන් එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.

එමෙන්ම එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *