Sat. Jun 28th, 2025

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදුවූ මෝටර් රථ අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

Jul2,2024

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රි 9.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තවත් පුද්ගලයින් 4 දෙනෙකු අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් එක්වරම පදික වේදිකාව හරහා ධාවනය කිරීමත් සමග එහි රැදී සිටි පදිකයින් මෝටර් රථයේ ගැටී තිබෙනවා.

මෝටර් රථය පැදවූ 68 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කරනවා.

එම මෝටර් රථය මාර්ගයේ වැරදි දිශාවට ගමන් කර තවත් මෝටර් රථ දෙකක ගැටීමෙනු අනතුරුව පදිකයින්ගේ ගැටී ඇති බවයි දකුණු කොරියා මාධ්‍ය සදහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *