Sat. Jun 28th, 2025

කුකුළු පැටවුන් 160,000ක් තරුණයින්ට

Jul2,2024

කුකුළු පැටවුන්  එක්ලක්ෂ හැට දහසක් තරුණ කෘෂි ව්‍යවසායකයින් අතර නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කෙරුණා.

කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සතියක් ලබන හත්වනදා දක්වා ක්‍රියාත්මකයි.

පළමු ගම්මාන දෙක සියඹලාන්ඩුව, පහතඅරාව හා බිබිල මැදගම යන ගම්මානවලදී ආරම්භ කෙරුණා.

එම ගම්මානවල තරුණ ප්‍රජාව කුකුළු කර්මාන්තය පිළිබද උනන්දු කරවීමේ අරමුණෙන් කුකුල් පැටවුන් බෙදා දීම සිදු කෙරෙනවා.

එක් ගම්මානයක විසි දෙනා බැගින් තෝරා ගෙන ඔවුන්ට කුකුළු පැටවුන් 50 බැගින් ලබාදීම සිදු කෙරෙනවා.

ගම්මාන 160ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *