Sat. Jun 28th, 2025

Jul1,2024

දකුණු අප්‍රිකාවේ නව කැබිනට් මණ්ඩලය – හිටපු විපක්ෂ නායක කෘෂිඇමති

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා එරට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා එරට හිටපු විපක්ෂ නායක ජෝන් ස්ටීන්හුයිසන් නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.

රමෆෝසාගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට ප්‍රතිවාදී පක්ෂ සමඟ එකතු වී බලයේ රැඳී සිටීමට සිදු වූණේ පසුගිය මැයි 29වනදා පැවති මැතිවරණයෙන් බහුතරය අහිමි වීමත් සමගයි.

ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම සති ගණනාවක් ප්‍රමාද වූ අතර දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි එය නම් කෙරුණේ. ඇතැම් සුළු පක්‍ෂවල නායකයන්ට ද කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමට සිරිල් රමපෝසා කටයුතු කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *