රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන් සඳහා ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය ඊයේ (27)රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් නිකුත් කර තිබුණා.
මෙම දීමනාව හිමිවෙන විධායක නිලධාරීන් සඳහා මෙතෙක් සේවා කාලය මත පදනම්ව රුපියල් 15000 ක උපරිමයකට යටත්ව මාසික දීමනාවක් ගෙවූ අතර ඒ අනුව ඔවුන් මෙතෙක් ලැබූ එම දීමනාව වෙනුවට පොදුවේ මේ නව දීමනාව හිමිවෙන බව නව චක්‍රලේඛයේ සඳහන්වනවා.
තවද සේවා විශේෂත්වය සලකා මෙතෙක් රුපියල් 25000 හෝ එය ඉක්මවා විශේෂ මාසික දීමනා ලබන විධායක නිලධාරීන්ට මෙම දීමනා සංශෝධනය අදාල නොව බවද මේ චක්‍රලේඛයේ සඳහන්වෙයි.