Wed. Jun 25th, 2025

යාපනය සරසවියේ කාන්තා නේවාසිකාගාරයට අඩ නිරුවතින් පැනලා ‌වුණු වැඩේ

Apr27,2024

වවුනියාව විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයකු ඇතුලු වීමත් සමගම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී පෙරේදා (25) නිවෙස්වලට ගොස් තිබේ.

කිසියම් ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදි වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල්වූ අවස්ථාවේදී කුඩා යට ඇඳුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලයා කාන්තා නේවාසිකාගාරයෙන් පලාගොස් තිබේ.

එම පුද්ගලයාව කාන්තා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කීප දෙනෙකු විසින්ම දැක ඇති අතර උදෑසන විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කරන විට කිසියම් පුද්ගලයකු අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයට ඇතුලු වන දර්ශන එහි සටහන් වී තිබී ඇත.

විශ්වවිද්‍යාල බලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් පියවර ප්‍රමාණවත් නොමැති බවත්, කාන්තා නේවාසිකාගාරය තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් කියමින් ශිෂ්‍යාවන් සියලු දෙනාම විශ්වවිද්‍යාලයෙන් පිටව නිවෙස්වලට ගොස් තිබේ.

මේ සිද්ධිය දුරකතන පණිවුඩයක් මගින් නිවසට දැනුම් දුන් එක් ශිෂ්‍යාවකගේ මවක් හදිසියේම වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකොට තිබේ.

වවුනියාව විශ්වවිද්‍යාලය හා කාන්තා නේවාසිකාගාරය පිහිටා ඇත්තේ වවුනියාව – මන්නාරම මාර්ගයේ පම්පමඩුව ප්‍රදේශයේය.

එම ප්‍රදේශය මඳක් කැළෑබද ප්‍රදේශයක් වන අතර කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් ප්‍රකාශ කරන්නේ විශ්වවිද්‍යාලය තුළ සේවයට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට මසකට රුපියල් ලක්ෂ ගණනක් වැටුපක් ලබා දෙද්දී ඔවුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරණ බවයි.

වවුනියාව විශ්ව විද්‍යලයේ බලධාරීන් මේ පිළිබදව වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *