තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීමේ අරමුණෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා සහ තායිලන්ත වානිජ දූත පිරිස අතර විශේෂ හමුවක් පසුගියදා (24 ) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවත්වුණා.
මෙහිදී දෙරට අතර පවතින නිෂ්පාදනයන් හා ඒ ආශ්රිත වානිජ විභවයන් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර එහිදි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මැණික් ව්‍යාපාරය මුල්කොට ගෙන අප රට තුල දැනට පවතින තත්වයන්ට වඩා මැණික් ආශ්රිත අගය එකතු කළ නිෂ්පාදන වෙළඳ පොලක් අප නිර්මාණය කළයුතු බවත්, එලෙස මැණික් ආශ්රිත අපනයන වෙළෙඳපොළ පුළුල් කරගැනීමට තායිලන්තය වැනි රට වල සහයෝගිතාවය ලබා ගතයුතු බවයි.
එමෙන්ම තායිලවැනි රටවල් ආහාර නිශ්පාදන ක්ෂේත්රයෙන් ලෝක වෙළෙඳපොළ වෙත ප්රවර්ධනීය ප්‍රවිශ්ඨයන් පිළිබඳව අධ්‍යනය කරමින් ඔවුන් හා ගනුදෙනු කළයුතු බවට වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ තායිලන්ත වානිජ දූත පිරිස සඳහන් කළේ, බොද්ධාගමික වශයෙන් ඉතිහාසයේ පටන්ම ශ්‍රි ලංකාව හා තායිලන්තය එකට කටයුතු කළ බවත් ඉදිරියේදී දැනට පවතින වානිජ ක්‍රියාදාමයන්ගෙන් ඔබ්බට වානිජ කටයුතු රැගෙන යාමට අවශ්‍ය කටයුතු සහයෝගීතාවයෙන් යුතුව සිදුකරන බවයි.
මෙම සාකච්ඡාමය අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන් ප්රමුඛ මාණ්ඩලික නිළධාරින් එක්වුණා.